Sunday, July 10, 2011

බ්ලොගයක ඇරඹුම...

හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. කාලෙක ඉඳන් මගේ හිතේ තිබ්බ පුංචි ආසාවක් ඔන්න ඉටු උනා. ඒ තමයි මගේම කියල පුංචි blog එකක් ලියන්න තිබ්බ ආසාව. ඉස්සෙල්ලම ලියන ලිපිය හින්ද මං ගැන පොඩ්ඩක් කියලම ඉන්නම්. මගේ නම යසිත චතුරංග පන්ඩිතවත්ත. ඉන්නේ මාලබේ. සා/පෙ දක්වා කොළඹ අසෝක විද්‍යාලයේ ඉගෙන ගත්ත. ඒක හොඳට ගොඩ දා ගත්ත හින්ද උ/පෙ කරන්න ගියා රාජකීය විද්‍යාලයට. පුංචි කාලේ ඉඳන්ම මොලේ පොඩ්ඩක් තිබ්බ නිසා A / L ගොඩ දාගන්න එච්චරම අමාරු උනේ නෑ. එත් ඉතින් සෑහෙන්න මහන්සි උනා. කොහොමින් කොහොමින් හරි මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයට ඇතුලත් වෙන්න පුළුවන් කම ලැබුනා. අද වෙනකොට මම පරිගණක ඉංජිනේරු අංශයේ තෙවන වසරේ සිසුවෙක්. මේ ටිකේ නම් අපිට training. ඔය වැඩ අස්සේ තමයි ලිපියක් ලියන්න පුංචි වෙලාවක් කොහොම හරි හොයා ගත්තේ. මගේ මේ පුංචි ආසාව ඉටු කරන්න අපේ batch එකේ මිත්‍රයෙක් මට ලොකු හයියක් උනා. ඒ තමයි ධනික. "ධනිකගේ සිතුවිලි" කියන ඔහුගේ බ්ලොග් එක මම හරිම ආසාවෙන් කියෙව්වේ. විශේෂයෙන් අපේ මව් බසින් ලිපි ලියන්න මගේ හිතේ ආසාවක් ඇති වීම පිලිබඳ ඔහුට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.
මගේ පැටිකිරිය පොඩ්ඩක් වැඩි උනාද මන්ද? :D මොකක් උනත් මං ගැනත් පොඩ්ඩක් කියල ඉන්න එපැයි. කාත් එක්කත් බොහොම සුහදව ඉන්න කැමති, පොඩ්ඩක් විතර පිස්සුවට බර, සැහැල්ලුවෙන් ජිවිතේ ගත කරන කෙනෙක්. ඉස්සරහට කියන්න ගොඩාක් දේවල් තියේවි. මගේ පරණ මතකයන් බෙදා ගන්න පුළුවන් වේවි. ඔබට කියවන්න, ජිවිතයට යමක් එකතු කරන්න, පුළුවන් දෙයක් ලියන්න, ගත් වෑයම ඵල දරන්න. ඉක්මනටම තවත් ලිපියක් එක්ක හමුවෙන්නම්. ලියන මුල්ම ලිපිය නිසා සටහනක් තියන්නත් අමතක කරන්න එපා. ඔබට ජය...!!!

4 comments:

  1. hey Yasitha,,, this is grt work... :) ur really creative ......

    ReplyDelete
  2. එළ මචං... දිගටම ලියමු... සිංහල බ්ලොගවකාශයට සාදරයෙන් පිළිගන්නවා උඹව... ජයවේවා!

    ReplyDelete
  3. Good Work Yasiyooo........ Keep this continuing :)

    ReplyDelete