Saturday, July 30, 2011

Huawei E153 ඩයලොග් ඩොන්ගලය unlock කිරීම දැන් ඔබටත් පුළුවන් - How to unlock Dialog Huawei E153 dongal

ආයුබෝවන්!!! මං මේ ලිපියෙන් කියන්න ලෑස්ති වෙන්නේ ඩයලොග් ඩොන්ගල් එකක් අරගෙන ඒක unlock කරගන්නේ කොහොමද කියල. මම එකක් අරගෙන යන්තං කරදරයක් නැතුව unlock කර ගත්ත. මේ සඳහා මතක ඇතුව UPS එකක් සහිත පරිගණකයක් හෝ ලැප්ටොප් එකක් පාවිච්චි කරන්න. unlock කරන අතරේ current ගියොත් එහෙම ඩොන්ගලයට බුදු සරණයි. :O තවත් කියන්න ඕනේ එකක් තමයි unlock කිරීම තුලින් ඔබට ඩයලොග් සමාගම විසින් ලබා දී ඇති වගකීම් සහතිකය අහිමි වන බව.

මුලින්ම මේ වැඩේට ඕන කරණ Huawei E153 Firmware Updater එක සහ HUAWEI MODEM Code Writer එක බාගන්නකො.

ඊට පස්සේ අපි අංක 15ක් සහිත ඩොන්ගල් එකේ IMEI අංකය හොයා ගන්න ඕනේ. එක තියෙන්නේ ඩොන්ගල් එකේ සිම් පත ඇතුල් කරන ස්ථානයෙ.

මෙන්න මේ IMEI අංකය එකක් එක්ක සබැඳි මුර පදයක් තියෙනවා. එක පහත සඳහන් URL එකේ අගට ඔබේ IMEI අංකය සඳහන් කිරීමෙන් ලබාගන්න පුළුවන්.

http://bb5.at/huawei.php?imei=(ඔබේ එමි අංකය)

නිදසුනක් ලෙස ඔබේ එමි අංකය 123456789876543 නම් පහත පරිදි IMEI අංකය සඳහන් කරන්න.



මෙහි Flash යනුවෙන් සඳහන් වන්නේ ඔබට අවශ්‍ය මුර පදයයි. මුර පදය ලබා ගැනීමෙන් අනතුරුව Huawei E153 Firmware Updater එක run කරන්න.

මුර පදය විමසීමකදී ඔබ ලබා ගත් මුර පදය ලබාදීමෙන් අනතුරුව ඩොන්ගලයේ දත්ත නවීකරණයක් සිදු වෙනවා. සාමාන්‍යයෙන් මේ සඳහා මිනිත්තු 5ක පමණ කාලයක් වැය වෙනවා.


එය සාර්ථකව අවසන් වූ පසු HUAWEI MODEM Code Writer එක run කරන්න. එහි සඳහන් "Please select com port" බොත්තම එබීමෙන් ඔබගේ ඩොන්ගලය සම්බන්ද කර ඇති port එක තෝරා ගැනීමට පුළුවන්.


"Unlock Modem" බොත්තම එබීමෙන් සියල්ල අවසන්. දැන් ඔබේ ඩොන්ගලය ඕනෑම සිම් පතක් සමග ක්‍රියාත්මක කල හැකියි.


Thursday, July 28, 2011

සිත් ගත් සේයාවක්...

5Mp STANDBY ගැන කලින් ලිපියේ සඳහන් වූ සේම අපේ කට්ටිය නිවාඩුවක් ලැබුනොත් විනෝද චාරිකාවක් යන්න නම් බොහොම කැමැතියි. ඉතින් එක පාරක් කට්ටිය ගියා කන්නෙලියෙ. කන්නෙලිය කියන්නේ සිංහරාජ වනාන්තරයේ දකුණුදිග එක් සීමාවක්. අපේ ලොකු තාත්තලාගේ ගෙවල් තියෙන්නේ මේ කිට්ටුව. කට්ටියත් එක්ක මේ කැලේ ඇවිදිනන ඉස්සර වෙලා අපේ ලොකු තාත්තලගෙ ගෙදරටත් ගොඩ උනා. ලොකු තාත්තල ගොවි තැනෙන් තමයි ජීවත් උනේ. කල එක් ගොවිතැනක් තමයි කුරුඳු වගාව. ගෙදර පිළිකන්නේ එක් මනුස්සෙක් කුරුඳු ලී වල පොත්ත ගලවමින් හිටිය. බලන් ඉන්න හරිම ආස වැඩක්. අපේ මේ චාරිකාව යන්න තවත් අමුත්තෙක් එකතුවෙලා හිටය අපේ නඩේට. ඒ තමයි අපේ ශාරධිගෙ මලයන්ඩි. ඡායාරූප ශිල්පයට තිබු ආසව නිසාම අපේ මේ ගමනට ඔහු එක් උනා. ඉහත සිදුවීම බොහොම අපුරුවට ඔහුගේ කැමරාවේ සටහන් වෙලා තිබුනේ මෙන්න මෙහෙමයි.




ඔහු නමින් තරිඳු හිරන්‍ය සුදසිංහ. තවමත් පාසල් යන සිසුවෙක්. බොහොම සරල සිදුවීමක් අපුරු කැමරා කෝණයකින් ගෙන තිබු අපුරුව ඡායාරූප ශිල්පය කෙරෙහි මගේ සිත නැඹුරු කිරීමට සමත් වුනා. "ජිවිතය කොතරම් දුක බරිත වුවත් එහි විඳිය හැකි ආශ්වාදයක් නැත්තේද නොවේ. ඒ ආශ්වාදය සොයා පියනගන්න..."

සොබා දහමේ අපුර්වත්වය දුටු ඔහුගේ කැමරා ඇසින් ගත් තවත් සේයා කිහිපයක්...






තබන්න සටහනක්...
ඔහුටත් මටත් වන්න දිරියක්....

Sunday, July 17, 2011

5MP STANDBY

මොකද්ද මේ 5MP STANDBY. කැම්පස් එකේ ඉන්න කොට ඉතින් යාළුවො ගොඩයිනෙ. අපි හැමෝටම ඔය අතරින් තමන්ට ගොඩක් කිට්ටු වෙච්ච යාළුවො පිරිසක් ඉන්නවනෙ. ඉතින් ඔහොම එකතු වෙච්ච යාළුවො ටිකක් තමයි මේ 5MP STANDBY කියන්නේ. අපි මේ නම හදාගත්තේ කට්ටියගේ නම් වල මුල් අකුරු ටික අරගෙන. මුලින්ම බලල ඉමුකො මේ කට්ටිය කව්ද කියල.
  • 5M - මිෂෙල්, මදුක (මකුද), මාලිංග (ඇටයා), මනෝජ් (මජෝන්), මධුමාල් (ගල් ආඳා)
  • P - ප්‍රභාවි
  • S - ශාරධි (නැන්දා)
  • T - තිසර
  • A - අචල
  • N - නුෆේල් (ෆාතිමා)
  • D - ධනුෂිකා (ධනු, දන්ඩා)
  • B - බුද්ධික (දබ්බුක)
  • Y - යසිත
ඔන්න ඔහොමයි කට්ටිය. කට්ටිය අඳුර ගත්ත එකේ කට්ටිය එකතු වෙලා කරපු පිස්සු වැඩ ටිකකුට් කියලම ඉන්නම්. අපේ ඉතින් උපන් දින එනවනෙ. කට්ටියම බලන ඉන්නෙ එකක් එනකන් තමයි. කට්ටිය දන්නෙම නැති වචනයක් තමයි පාටි කියන්නේ. ඒ උනාට ඉතින් උගන්නල හරි පාටියක් කොහොම හරි ගන්නවා. එහෙම ගත්ත ටිකක් තමයි මේ.

අපේ කාගේ හරි උපන් දිනයක් ආවම කේක් ගෙඩියක් එහෙම කපල සමරන එක තමයි පුරුද්ද. ඉතින් මේ තියෙන්නේ අපේ ආදරණිය ශාරධිට ගෙනාපු කේක් එකක්. අපි ඉතින් මේක කපන්නේ ගොඩ උඩ උඩ ඉඳන්. (ගොඩ යනු මොරටු සරසවියේ ආපන ශාලාවකි. ගොඩ උඩ යනු එහි ඉහල මලයයි. එවිට ගොඩ උඩ උඩ යනු.... ;))






කේක් කැපුවා වගේ නෙමේ party දෙන්න ගියාම. පොඩි පොඩි ඒවත් නෙමේනෙ ඉල්ලන්නෙ. මේ තියෙන්නේ කට්ටියම එකතු වෙලා පාටියක් දාපු වෙලාවක්. තැන නම් පොඩි තැනකුත් නෙමේ. ගල්කිස්සේ Queen's නම් අවන් හල තමා මේ.




කට්ටියට ඉතින් කාල බීල ඉවර උනාම ෆොටෝ එකක් ගන්නත් අමතක වෙන්නේ නැ. මුණු පොතේ බැලුවොත් තියෙන්නේ කට්ටියගේ ෆොටෝස් තමයි.





කෑවා බිව්වා වගේම හැමෝම එකතු වෙලා සල්ලි එකතු කරලා උපන් දිනේ සමරන කෙනාට පුංචි තෑග්ගක් අරන් දෙන්නත් අපි අමතක කරන්නේ නෑ.





තෑගි විතරක් නෙමේ. මුණට කියන්න බැරි ඔක්කොම card එකක ලියලා Birthday Card එකකුත් දෙනවා. එදිනෙදා සිදුවෙන සිදුවීම් වල එකතුවක් තමයි මේ දෙන card එක..



ඉතින් ඔන්න ඔහොම තමයි අපේ කට්ටියගේ උපන් දින කතාව දිග හැරෙන්නේ. කට්ටියගේ කතා නම් ගොඩක් තියෙනවා කියන්න.ඒවත් එක්ක වෙන ලිපියකින් ඉක්මනින්ම හමුවෙන්නම්කො. ඔබට ජය...

Sunday, July 10, 2011

බ්ලොගයක ඇරඹුම...

හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. කාලෙක ඉඳන් මගේ හිතේ තිබ්බ පුංචි ආසාවක් ඔන්න ඉටු උනා. ඒ තමයි මගේම කියල පුංචි blog එකක් ලියන්න තිබ්බ ආසාව. ඉස්සෙල්ලම ලියන ලිපිය හින්ද මං ගැන පොඩ්ඩක් කියලම ඉන්නම්. මගේ නම යසිත චතුරංග පන්ඩිතවත්ත. ඉන්නේ මාලබේ. සා/පෙ දක්වා කොළඹ අසෝක විද්‍යාලයේ ඉගෙන ගත්ත. ඒක හොඳට ගොඩ දා ගත්ත හින්ද උ/පෙ කරන්න ගියා රාජකීය විද්‍යාලයට. පුංචි කාලේ ඉඳන්ම මොලේ පොඩ්ඩක් තිබ්බ නිසා A / L ගොඩ දාගන්න එච්චරම අමාරු උනේ නෑ. එත් ඉතින් සෑහෙන්න මහන්සි උනා. කොහොමින් කොහොමින් හරි මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයට ඇතුලත් වෙන්න පුළුවන් කම ලැබුනා. අද වෙනකොට මම පරිගණක ඉංජිනේරු අංශයේ තෙවන වසරේ සිසුවෙක්. මේ ටිකේ නම් අපිට training. ඔය වැඩ අස්සේ තමයි ලිපියක් ලියන්න පුංචි වෙලාවක් කොහොම හරි හොයා ගත්තේ. මගේ මේ පුංචි ආසාව ඉටු කරන්න අපේ batch එකේ මිත්‍රයෙක් මට ලොකු හයියක් උනා. ඒ තමයි ධනික. "ධනිකගේ සිතුවිලි" කියන ඔහුගේ බ්ලොග් එක මම හරිම ආසාවෙන් කියෙව්වේ. විශේෂයෙන් අපේ මව් බසින් ලිපි ලියන්න මගේ හිතේ ආසාවක් ඇති වීම පිලිබඳ ඔහුට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.
මගේ පැටිකිරිය පොඩ්ඩක් වැඩි උනාද මන්ද? :D මොකක් උනත් මං ගැනත් පොඩ්ඩක් කියල ඉන්න එපැයි. කාත් එක්කත් බොහොම සුහදව ඉන්න කැමති, පොඩ්ඩක් විතර පිස්සුවට බර, සැහැල්ලුවෙන් ජිවිතේ ගත කරන කෙනෙක්. ඉස්සරහට කියන්න ගොඩාක් දේවල් තියේවි. මගේ පරණ මතකයන් බෙදා ගන්න පුළුවන් වේවි. ඔබට කියවන්න, ජිවිතයට යමක් එකතු කරන්න, පුළුවන් දෙයක් ලියන්න, ගත් වෑයම ඵල දරන්න. ඉක්මනටම තවත් ලිපියක් එක්ක හමුවෙන්නම්. ලියන මුල්ම ලිපිය නිසා සටහනක් තියන්නත් අමතක කරන්න එපා. ඔබට ජය...!!!