Monday, August 1, 2011

අපි ගැයූ ගී

සරසවි ජීවිතය කියන්නේ බොහොම සුන්දර අත්දැකීම් පිරුණු කාල පරිච්චේදයක්. බොහෝ දෙනෙකුට තමන්ගේ සහකරුවා හෝ සහකාරිය හමුවන්නෙ මෙන්න මේ කාලයේ. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතය පුරාවට තමන් එක්ක ඉන්න මිතුරන් පිරිසක් එකතු වෙන්නෙත් මේ කාලෙදි. ඉතින් මම මේ අවදි කරන්නේ එවන් එක් වූ මිතුරන් පිරිසක් සමග ලැබූ සොඳුරු මතකයන් කිහිපයක්‌.

මම නතර වෙලා හිටපු බෝඩිම තිබුනේ සරසවි බිම පෙනෙන මානයේ. ඉතින් මගේ මේ යාලුවෝ කට්ටිය දවල්ට කෑම කන්න එනවා අපේ බෝඩිමට. කෑමත් කාල බෝඩිමත් කාල යන මුන් සෙට් එක දවසක් අතට අහුවෙච්ච දේවල් ටිකකුත් අරගෙන සින්දු කියන්න පටන් ගත්ත. අහලම ඉන්නකෝ එහෙනම්... :)





ඉතින් ඔන්න ඔය වගේ තමයි කට්ටියගේ වැඩ කිඩ. සරසවියේ දෙවන වසරේ හම්බවෙනවා අපිට ලොකු නිවාඩුවක්. පරිඝණක අංශයේ සිසුන් විදියට නිවාඩුවක් කියන්නේ ඉතින් නොලැබෙන දෙයක්නෙ. ඉතින් මෙන්න මේ කාලෙත් කට්ටියට කිව්ව වේදිකා නාට්‍ය පුරුදු වෙන්න කියල. කොයි එකටත් attendance ගන්න නිසා කට්ටියත් එක්ක ඔන්න පුහුණුවීම් පටන් ගත්ත. ඔන්න එක කණ්ඩායමක් ගියා පිට්ටනිය අයිනේ තිබ්බ ගහක යටට. මේ කණ්ඩායමේ හිටිය මගේ හොඳ මිත්‍රයෙක් ලක්මාල් කියල. පුහුණුවීම් අතර මග මිනිහ පටන් ගත්ත මෙන්න මෙහෙම සින්දුවක් කියන්න.



ඉතින් මෙන්න මේ වගේ සොඳුරු මතකයන් පිරිච්ච කාලයක් තමයි සරසවි ජීවිතය කියන්නේ. මේ මතකයන් කැමරාවට හසු කර ගත්ත මලිත් රණසිංහ සොයුරාට ස්තුතිවන්ත වන ගමන් ඉල්ලන්න පොඩි දෙයක් තියෙනවා.

ඉගෙන ගන්න අපි අවේ සරසවියට
මිතුරු මිතුරියන් ලැබුන අපේ දිවියට
වටිනාකමක් ගෙන දෙමු මේ සරසවියට
රැක දෙමු ඒ බිම සරසවි මින් මතුවට